Posts

Showing posts from May, 2020

විද්‍යානුකූලව විෂබීජහරණය කරමු

Image
පුද්ගලික ස්වස්ථතාවය පිළිබඳව බොහෝ හොඳ දේවල් සමාජ ගත කෙරුණු මේ අවස්ථාවේදී, සීමාව ඉක්මවා කිරිමට ගොස් මිනිසාටත්, පරිසරයටත් හානිදායක දේවල් සිදු නොකිරීමට අප විසින් වගබලා ගත යුතුය. අධික ලෙස මුළුමහත් පරිසරයම විෂබීජහරණය කිරීමක් මෙහිදී අවශ්‍ය නොවන අතර රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් ස්වභාවික පරිසරයට නිකුත් කිරීම මගින් රෝග නිවාරණයට ලැබෙන රුකුල ට වඩා පරිසරයටත්, මිනිසාටත්, අවට ජීවත්වන සතුන්ටත් වන හානිය අතිමහත්ය. විෂබීජ හරණය කුටි භාවිතය හෝ මොනයම් ආකාරයකින් මිනිසුන් මතට හෝ අවට පරිසරය මතට විෂබීජ නාශක දියර ඉසීම කිසි විටෙකත් අනුමත කළ නොහැක. එමඟින් ශරීරය තුළ පවතින විසබීජ ඉවත් වීමක් හෝ රෝග සුව වීමක් සිදු නොවන අතර, මෙමගින් පුද්ගලයෙකුගේ පෙනහළු වලට හානි සිදුවිය හැකි බවත්, එමගින් රෝගය උත්සන්න වීම සිදු විය හැකි බව සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇත. ක්ෂුද්‍ර ජීව විද්‍යාවේදීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතා අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම රෝගය පැතිරීම වැළැක්වීමට කළ යුත්තේ පුද්ගලයින් බහුලව පරිහරණය කරන පෘෂ්ඨයන් සහ මතුපිටවල් විසබීජහරණය කිරීමයි...

දැනුම් දිය යුතු බෝවන රෝග ලැයිස්තුව

Image
"අ" කාණ්ඩය කොළරාව මහාමාරිය කහ උණ "ආ" කාණ්ඩය උග්‍ර බාලක පක්ෂගාත රෝගය පැපොල රෝගය ඩෙංගු උණ / ඩෙංගු රක්තපාත උණ ගලපටලය රක්ත අතීසාරය නිදිකර්පථප්‍රදාහය ආන්ත්‍රික උණ ආහාර විෂවීම මානව ජලභීතිකා රෝගය ලැප්ටොස්පයිරෝසියාව මැලේරියාව සරම්ප මස්තිෂ්ක පටල ප්‍රදාහය කම්මුල්ගාය රැබෙල්ලා (ජර්මන් සරම්ප) සංජානීය රැබෙල්ලා රෝගය සරල කල්පවත්නා උණ පිටගැස්ම නවජන්ම පිටගැස්ම වෛරස් උණ ටයිපස් උණ වෛරස් යාකෘති ප්‍රදාහය කක්කල් කැස්ස ක්ෂය රෝගය